
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිලන්රථ සඳහා නිලධාරීන් වැඩි වශයෙන් සේවයට යොදා ගැනීම සඳහා ඩොලර් මිලියන 129.5ක මුදලක් යෙදවීමට නියමිතව තිබෙනවා.
ප්‍රාන්තයේ ඉදිරි අයවැය මගින් තවත් ගිලන්රථ සේවකයන් බඳවා ගැනීම සඳහා මෙම මුදල් වෙන් කරන බවයි අගමැති ස්ටීවන් මයිල්ස් ප්‍රකාශ කළේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ නව සේවකයන් 188ක් සමගින් කාර්ය මණ්ඩලය 268ක් මෙම වසර අවසානයේදී බඳවා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඔවුන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශවල සේවයේ යෙදවීමට සැලසුම් කර ඇතැයි සඳහන්.
පසුගිය මාසයේ වාර්තාවකින් හෙළි වූයේ ප්‍රාන්තයේ ගිලන්රථ ධාවනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මෙම වසරේ පළමු මාස තුන තුළ ක්වීන්ස්ලන්ඩ් රෝගීන්ගෙන් සියයට 45.5ක් රෝහලට යාමට පෙර විනාඩි 30 කට වැඩි කාලයක් ගිලන් රථ අපේක්ෂාවෙන් ගත කර තිබුණා.
රෝගීන් ගිලන් රථ බලාපොරොත්තුවෙන් සිටින කාලය අඩු කරමින් ඔවුන් වෙත ඉක්මනින් පැමිණීම වෙනුවෙනුයි නව නිලධාරීන් බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇත්තේ.