T20 ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව තැබූ වාර්තාව

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගයේදී වාර්තාවක් පිහිටුවා ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ පන්දුවාර 20 ලෝක කුසලාන තරගයක යවා ඇති වැඩිම නිපන්දු සංඛ්‍යාව වාර්තා කරමින්.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති මෙම තරගයේ දී නිලකුණු පන්දු 126ක් ක්‍රියාත්මක කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙක විසින් පන්දු 213ක් යවා තිබුණා.

එහිදී ශ්‍රී ලංකාව පන්දු 115කට මුහුණ දී ඇති අතර දකුණු අප්‍රිකාව පන්දු 98කට මුහුණ දී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් විසින් ලකුණු ලබා නොගත් පන්දු සංඛ්‍යාව 74ක් වන අතර දකුණු අප්‍රිකාව ලකුණු ලබා නොගත් පන්දු සංඛ්‍යාව 52ක්.

මීට පෙර ලෝක කුසලාන තරගයක වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇත්තේ 2007 වසරේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයක දීයි.

එහි දී කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට පන්දු 123කට ලකුණු රැස්කිරීමට හැකි වී නොමැති බව සඳහන්.

ශ්‍රී ලංකාව මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය පරාජයට පත් වුණේ දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක් හිමි කර දෙමින්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »