Search

වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ ආසාදිත දරුවාට සිදු වූ දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් කුකුළු ගොවිපලකින් කුරුළු උණ වාර්තා වීම හේතුවෙන් එය නිරෝධායනයට පියවර ගෙන තිබෙනවා.

ෆාම් ප්‍රයිඩ් ෆුඩ්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද පරීක්ෂණ ප්‍රතිඵල අනුව ගෝල්ඩන් ප්ලේන්ස් ෂයර්හි පිහිටි ගොවිපලකින් වෛරසය හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එය මෙරඩිත්හි බිත්තර ගොවිපලකින් හමු වූ වෛරසය බවට ද තහවුරු වී තිබෙනවා.

වෛරසය හඳුනා ගත් ස්ථානයේ කිකිළියන් 80,000ක් පමණ සිටින අතර එය ගොවිපළේ සමස්ථ ධාරිතාවයෙන් සියයට අටක් පමණ වන බව සඳහන්.

එමෙන්ම එම ප්‍රදේශයේ කිකිළියන් 40,000 ක් පමණ සිටින තවත් ගොවිපලකින් සාම්පල ලබාගෙන පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතිනවා.

වික්ටෝරියා කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව තහවුරු කළේ වෛරසය හඳුනා ගත් ගොවිපළ නිරෝධායනය කර ඇති අතර සියලුම කුකුළු මස් ආරක්ෂිතව බැහැර කරන බවයි.

මීට පෙර මෙරිඩිත් සහ ටෙරං හි කුකුළු ගොවිපල දෙකකින් ද කුරුළු උණ අසාදනය අනාවරණය වී තිබුණා.

කුරුළු උණ යනු බෝවන වෛරස් රෝගයක් වන අතර එය ලොව පුරා ප්‍රධාන සත්ව විශේෂ කිහිපයක මරණවලට හේතුවී තිබෙනවා.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි දරුවෙකු පසුගියදා කුරුළු උණ අසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු අතර ඔහු මේ වන විට සුවය ලබා ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ගෝලීය වශයෙන් මේ වන විට පැතිර යමින් පවතින කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය මිනිසාගෙන් මිනිසෙකුට පහසුවෙන් පැතිර යා හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද වික්ටෝරියා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »