පර්ත්හිදී පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකික සිසුවෙකුට ලාංකිකයන්ගේ සහාය අවශ්‍යයි

පර්ත් හි Langford ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී සිදු වූ පහර දීමකින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලංකික සිසුවෙකු වෙනුවෙන් ආධාර මුදල් එක් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය මැයි මස 25 වනදා ස්ථාන දෙකකදී ඔහු පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසු වනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගීත් මදුශංක නැමති 28 හැවිරිදි තරුණයෙක්.

ඔහු මේ වන විට Royal Perth රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් අරමුදලක් ද පිහිටුවා තිබෙනවා.

මෙම ශ්‍රී ලංකික තරුණයාගේ ප්‍රතිකාර වෙනුවෙන් ඩොලර් 30000ක මුදලක් අවශ්‍ය වන අතර මේ වන විට ඒ සඳහා ඩොලර් 25,749ක මුදලක් එක්ව ඇති බව සඳහන්.

මේ සදහා උපකාර කිරීමට කැමති අයෙක් වෙතොත් පහත Link එක හරහා ඊට සම්බන්ධ විය හැකියි.

https://www.gofundme.com/f/fundraiser-for-geeth-madushanka-victim-of-assault-in-icu

මෙම පහරදීමට සම්බන්ධ 30 හැවිදිරි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර චෝදනා තුනක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී තිබෙනවා.

දරුණු පහරදීම්, ශාරීරික හානි සිදුකිරීම්, දේපල විනාශ කිරීම් ඇතුලු චෝදනා රැසක් සැකකරුට එරෙහිව එල්ල වී ඇති අතර ඔහුට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි බටහිර ඔස්ට්‍රේලියා පොලිසිය නිවේදනය කළේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »