තුන්වන චාල්ස් රජුගේ උපන් දිනයට අදාළව සිදු කෙරෙන සැමරුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙළඳ සැල් විවෘතව තැබෙන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රජුගේ සැබෑ උපන්දිනය නොවැම්බර් 14 වනදා වුව ද ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල එම උපන්දිනය ජුනි 10 වනදායි සමරනු ලබන්නේ.
රජයේ නිවාඩු දිනයක් ද වන එය මෙවර යෙදී ඇත්තේ ලබන සඳුදා වන අතර මේ හේතුවෙන් එළඹෙන දිගු සති අන්තයේ භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් සුපිරි වෙළඳසල් විවෘත වන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බටහිර ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජුගේ උපන් දිනය සමරනු ලබන්නේ සැප්තැම්බර් 23 සහ ඔක්තෝබර් 7 වනදායි.
නමුත් අනෙකුත් ප්‍රාන්ත ජුනි 10 වනදා චාර්ල්ස් රජුගේ උපන් දිනය සමරන අතර මේ හේතුවෙන් එදින ඇතැම් වෙළඳසැල් වසා තැබෙන අතර අනෙකුත් ඒවා විවෘත කරන වේලාවන් තරමක් දුරට වෙනස් වනු ඇති.
දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ දුරට සියලු වෙළඳ සැල් එදින වසා තැබෙන අතර Victor Harbor, Port Augusta, Renmark, Murray Bridge and Mount Gambier වැනි වෙළඳසැල් කිහිපයක් විවෘතව තබන බව සඳහන්.
සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම බනිං වෙළඳසැල් ජුනි 10 සඳුදා විවෘතව පවතින බවයි දැනුම් දී ඇත්තේ.
ජුනි මාසයේ රජුගේ උපන්දිනය සැමරීමට එක් නොවන බටහිර ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ද හැර සෑම ප්‍රාන්තයකම මෙලෙස වේලාවන් වෙනස් කිරීම අදාළ වනු ඇති.
මෙදින බොහෝ වෙළඳසැල් පෙරවරු 10ට පමණ විවෘත කර සවස 6 පමණ වන විට වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.
දකුණු ඔස්ට්‍රේලියාවේ සියලුම වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථාන වසා දමන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම වෙස්ට්ෆීල්ඩ් මධ්‍යස්ථාන උදේ 10 සිට සවස 5 දක්වා වෙළඳාම් සඳහා විවෘත බව සඳහන්.