
ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය සඳහා රටවල් හතරකින් නව සාමාජිකයින් බඳවා ගැනීමට අවසර හිමිව තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායට (ADF) එක්වීමට එක්සත් රාජධානිය, කැනඩාව, බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය ඇතුළු විදේශ රටවල් 4ක පුද්ගලයන්ට අවස්ථාව හිමිවනු ඇති.
වර්ධනය වන කලාපීය තර්ජන හමුවේ සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීම මෙහි අරමුණ වන අතර බඳවා ගැනීමේ අඩුපාඩු මග හරවා ගැනීම ද ඊට ඇතුලත්.

ලබන ජූලි මාසයේ සිට, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් වන නවසීලන්ත ජාතිකයින්ට ආරක්ෂක අංශයන්ට සම්බන්ධ වීමට ඉල්ලුම් කළ හැකි අතර 2025 ජනවාරි මාසයේ සිට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව දක්වා එම බඳවා ගැනීම් ව්‍යාප්ත වනු ඇති.
ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් (Richard Marles) පැවසුවේ ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ආරක්ෂක සාමාජිකයින් බඳවා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

මෙහිදී ඔස්ට්‍රේලියානු මිත්‍ර පාර්ශවීය රටවලට ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර එම රටවල් හා ඔස්ට්‍රේලියාව අතර පවතින අනෙකුත් ආරක්ෂක ගිවිසුම් ප්‍රකාරව මෙම කටයුතු සිදුවන බව සඳහන්.
මෑත කාලීන ෆෙඩරල් රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ආරක්ෂක අංශ සදහා වූ පුරප්පාඩු සංඛ්‍යාව 5000ක් බව වාර්තා වී තිබෙනවා.