ශ්‍රී ලංකාවේ ආපදා මරණ තවත් ඉහළ යයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කර ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙනවා.

මෙම මස පළමු වනදා සිට ඊයේ පස්වරුව දක්වා කාලය තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බවයි.

ඊයේ දිනය වන විට දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.

නිල්වලා, කැලණි, කළු සහ ගිං යන ගංගා ද තවදුරටත් පිටාර ගලමින් පවතින අතර අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් බිම් මෙන්ම නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ද ජලයෙන් යටවී ගොස් තිබුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »