මෙල්බන් පදිංචිකරුවන්ට අද අඩු මිලට ඉන්ධන ගන්න අවස්ථාවක්

අද පස්වරුවේ පැය දෙකක කාලයක් මෙල්බන් අවට පදිංචිකරුවන් පිරිසකට අඩු මිලට පෙට්‍රල් ඉන්ධන ලබා දීමට පිරවුම්හලක් සැලසුම් කර තිබෙනවා.

වත්මන් ජීවන වියදම් අර්බුදය සමඟ පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණ සහිතවයි මෙල්බර්න්හි උතුරේ ඉන්ධන පිරවුම්හලක් අද පැය දෙකක කාලයක් ඉන්ධන ලීටරයක් ශත 99කට ලබා දීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව අද පස්වරු 3 සිට පස්වරු 5 දක්වා Thomastownහි Metro Petroleum පිරවුම්හල මගින් මෝටර් රථ හිමියන්ට පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ඇතුළු ඉන්ධන ශත 99කට ලබා ගැනීමට හැකි වනු ඇති.

මෙම ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ Jon Tsingoli පැවසුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක පිරවුම්හල්වල අඩු මිලට ඉන්ධන ලබා දීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්ත ජනතවට ද සහනයක් ලබාදීමට කාලය පැමිණ ඇති බවයි.

මෙල්බර්න් හි unleaded ඉන්ධන ලීටරයක සාමාන්‍ය මිල අද දිනයේ දැක්වෙන්නේ ඩොලර් 1.84ක් ලෙසටයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »