Search

ලොව විෂම සර්පයා මෙල්බන් ව්‍යාපාරික ස්ථානයකින් හමුවෙයි

මෙල්බන් Kilsyth South ප්‍රදේශයේ Canterbury මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයක ඇතිවූ ගින්නකින් පසු එහි සිටි සර්පයන් 540ක පමණ ප්‍රමාණයක් බේරා ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රි 8.30ට පමණ ඇති වූ මෙම ගින්න හේතුවෙන් ලොව විෂම සර්පයා ඇතුළු උරගයින් රැසක් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කිල්සිත් දකුණු ප්‍රදේශයේ කැන්ටබරි මාර්ගයේ පිහිටි ජුරාසික් ජංගල් නම් ව්‍යාපාරික ස්ථානයේ වහලයේ ගින්නක් හටගෙන තිබූ බව සඳහන්.

ගින්න යාබදව පිහිටි කර්මාන්තශාලාවලට ද බලපෑමක් වූ අතර පැයක් පමණ ඇතුළත එය මැඩපවත්වා තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්ත වනජීවී ඒකකය ඇතුලු ගිලන් රථ සේවා ද එම ස්ථානයට පැමිණ තිබුනේ ගින්න හටගත් ගොඩනැගිල්ලේ විවිධ විෂ සහිත උරගයන් රඳවා සිටින බවට ලැබුණු තොරතුරු හේතුවෙන්.

සහකාර ප්‍රධාන ගිනි නිවන නිලධාරි ඩේවිඩ් රෙන්කින් පැවසුවේ කිඹුලන්, කටුස්සන්, ගෙම්බන් සහ ලෝකයේ වඩාත්ම විෂ සහිත සර්පයෙකු වන inland taipan ඇතුළු උරගයින් 540 ක් පමණ එහි සිටින බවයි.

කෙසේ වෙතත් එම සර්පයන් ඇතුලු සතුන්ගෙන් විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට නොහැකි වූ බව සඳහන්.

මෙම සර්පයන් ඇතුලු උරගයන්ගේ විෂ සහිත බව හේතුවෙන් ගිනි නිවන භටයන්ට ද ගින්න මැඩපැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඇතැම් විෂ සහිත සර්පයන් එම ස්ථානයෙන් බේරී පලා ගොස් ඇතැයි ද සැක කෙරෙන අතර ගොඩනැගිල්ලේ සර්පයන් සිටි කොටසට ඇතුළු නොවන ලෙස ගිනි නිවන භටයින්ට ද උපදෙස් දී තිබුණා.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්‍ෂණ තව දුරටත් සිදු කෙරෙමින් පවතිනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »