පරාජයට හේතුව ගැන වනිඳු හසරංගගෙන් ප්‍රකාශයක්

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති පළමු තරගයෙන් පරාජයට පත් වුව ද ඉදිරි තරග 3 ජය ගැනීමේ දැඩි බලාපොරොත්තුවකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

ඊයේ තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායකයා කියාසිටියේ මෙය හොඳ ආරම්භයක් නොවුණ ද පළමු වටයේ තවත් තරඟ තුනක් ඉතිරිව ඇති බැවින් එම තරග තුනේදී තමන් උපරිමයෙන් දක්ෂතා දැක්විය යුතු බවයි.

මෙම තරගයේදී තම කණ්ඩායමේ පන්දු යවන්නන් හොඳින් දක්ෂතා දැක්වූ අතර පිතිකරුවන් ද සෑම පන්දුවකටම පාහේ ලකුණු ලබා ගැනීමට උත්සාහ කළේ නම් තරගය මීට වඩා වෙනස් වීමට තිබූ බව ද වනිඳු හසරංග ප්‍රකාශ කළා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරයේ වරදක් නොදකින අතර දකුණු අප්‍රිකා කණ්ඩායමට ද ඉලක්කය හඹා යාම වෙනුවෙන් පන්දුවාර 16ක් කැප කිරීමට සිදුවීම තම පන්දු යවන්නන්ගේ දක්ෂතාව බව ඔහු පෙන්වා දුන්නා.

තමන් මෙම තරගය ආරම්භයේදී ලකුණු 160ක් පමණ ඉලක්ක කළ අතර පිතිකරුවන්ට ද එම ඉලක්කය තිබුණේ නම් වඩාත් හොඳ ලකුණු මට්ටමකට යාමට හැකි වනු ඇති බවයි වනිදු හසරංග කියාසිටියේ.

මාධ්‍යවේදීන් මෙහිදී ඉදිරි තරගයේ සැලසුම් සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නායකයා කියාසිටියේ මීළඟ තරගය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 8 වනදා බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »