සිඩ්නි ඇතුලු ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ ගණනාවකට හෙට සිට තවදුරටත් වැසි ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

ගතවූ සති අන්තයේ පැවති දැඩි වර්ෂාපතනය සහ ගංවතුරෙන් පසු අද දිනයේ බොහෝ දුරට වැසි රහිත කාලගුණික තත්වයක් පවතින අතර හෙට සිට තවදුරටත් වැසි ඇති වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ගත වූ සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිඩ්නි නගරයට සහ ඒ ආසන්න ප්‍රදේශවලට ලැබී තිබූ වර්ෂාපතනය මාසයක පමණ කාලයකදී ලැබෙන වර්ෂාවට සමාන බවට අනාවරණ වී තිබුණා.

කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කර ඇත්තේ හෙට උදෑසන සිට සති අන්තය දක්වා සිඩ්නි සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වන බවයි.

නිව් සවුත්වේල්ස් වෙරළට ඔබ්බෙන් අඩු පීඩන පද්ධතියක් වර්ධනය වෙමින් පවතින අතර එමගින් සිඩ්නි අගනගර කලාපය ඇතුළු වෙරළබඩ ප්‍රදේශවලට මධ්‍යස්ථ වර්ෂාපතනයක් ලැබෙනු ඇති.

බ්‍රහස්පතින්දා සිට නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි සඳහන්.

බ්‍රහස්පතින්දා සිඩ්නි නගරයට වර්ෂාපතනයට වර්ෂාපතනය ලැබීමේ සියයට 90ක සම්භාවිතාවක් පවතින අතර එහි උපරිමය මිලිමීටර් 30ක් පමණ විය හැකියි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »