T20 ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

නිව්යෝර්ක්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවි ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 77ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 19ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 16ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 11ක් ලබා ගත්තා.

නායක වනිඳු හසරංග, සධීර සමරවික්‍රම, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුණා.

පන්දු යැවීමේදී Anrich Nortje කඩුලු 4ක් සහ Keshav Maharaj මෙන්ම Kagiso Rabada කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

ලකුණු 78ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

වනිඳු හසරංග දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳහෙලුවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »