ඔස්ට්‍රේලියාවට එන ශ්‍රමිකයන් පිරිසකට Skill Assessment ලබාදීම කඩිනම් කෙරේ

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේලියානු වීසා සඳහා Skill Assessment ලබාදීම කඩිනම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයට පිළියම් සෙවීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින්ගේ අඩුවක් පවතින බවයි හඳුනාගෙන ඇත්තේ.

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරත වන ශ්‍රමිකයන්ගෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

2029 වසර වන විට මිලියන 1.2 ක නිවාස ප්‍රමාණයක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුණ වන අතර ඒ සදහා කඩිනමින් පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවක් පවතින බවයි අවධාරණය කර ඇත්තේ.

මෙම ඉලක්ක සපුරා ගැනීම සදහා 90000කට අධික පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවක් පවතින බව මෙරට ඉදිකිරීම් ආයතන සඳහන් කර තිබෙනවා.

ඩොලර් මිලියන 1.8ක මුදලක් මෙවර අයවැයෙන් ඉදිකිරීම් අංශයේ පුහුණු ශ්‍රමිකයින් සදහා වෙන්කර ඇති අතර ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයින්ට මෙය වටිනා අවස්ථාවක් බව සඳහන්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට පැමිණෙන පුහුණු සංක්‍රමණිකයින්ගේ හැකියාවන් තක්සේරු කිරීම සදහා Skill Assessment ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමටද ෆෙඩරල් රජයේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අධ්‍යන කටයුතු සදහා මෙවර අයවැයෙන් ඩොලර් මිලියන 88.8ක මුදලක් ද වෙන්කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »