ලෝකයේ වැඩිම subscribers ඉන්න YouTube චැනල් එක මෙන්න

2024 වසරේ ලොව වැඩිම subscribes ප්‍රමාණයක් සිටින YouTube නාලිකා 10 Forbes සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ දිනය වන විට වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටින YouTube නාලිකාව ලෙසට පළමු තැනට පත්වී ඇත්තේ subscribes මිලියන 269ක් සිටින අමරිකාවේ MrBeast නාලිකාවයි.

දෙවන තැන ඉන්දියාවේ T-Series YouTube නාලිකාවට හිමිව ඇති අතර ඊයේ දිනය වන විට ඊට එක්ව සිටි subscribes ප්‍රමාණය මිලියන 266ක්.

subscribes මිලියන 176ක් සමගින් තුන්වන තැන ඇමරිකාවේ කොකෝ මෙලන් (Cocomelon) නාලිකාවට ලැබී තිබෙනවා.

මෙහි විශේෂත්වය වී ඇත්තේ වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටින YouTube නාලිකා අතරින් බහුතරයක් ඉන්දියාවේ සහ ඇමරිකාවේ ඒවා වීමයි.

වැඩිම subscribes ප්‍රමාණයක් සිටින යූ ටියුබ් නාලිකා 5ක් ඇමරිකානු ජාතින් විසින් මෙහෙය වන ඒවා වන අතර තුනක් ඉන්දියාවේ නාලිකා වනවා.

ස්වීඩනය සහ රුසියාවේ යූ ටියුබ් නාලිකා දෙකක් ද ලොව වැඩිම subscribes ප්‍රමාණයක් සිටින යූ ටියුබ් නාලිකා 10 අතරට එක්ව තිබෙනවා.

2005 වසරේ පෙබරවාරි මාසයේ YouTube ආරම්භ කළ දිනයේ සිට එය විනෝදාස්වාදය මෙන්ම පුවත් හෝ අධ්‍යාපනික කරුණු ඇතුලු තොරතුරු සැපයීමේ ප්‍රබල මාධ්‍යයක් වී ඇති බවයි ෆෝර්බ්ස් වාර්තා පෙන්වා දෙන්නේ.

නරඹන්නන් ග්‍රහණය කර ගැනීම සම්බන්ධයෙන් ඇතැම් යූ ටියුබ් නාලිකා කැපී පෙනෙන අතර එම තොරතුරු පදනම් කර ගනිමින් ලෝකයේ වැඩිම subscribes ප්‍රමාණයක් සිටින නාලිකා ශ්‍රේණිගත කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »