වික්ටෝරියා ප්‍රාන්තයේ සුරතල් සතුන් හිමිකරුවන්ට නොසිතූ ගැටලුවක්

ජීවන වියදම අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් වික්ටෝරියා ප්‍රාන්තයේ සුරතල් සතුන් හිමිකරුවන් එම සතුන් නඩත්තු කිරීමේ අරගලයක නිරත වන බවට අනාවරණ වී තිබෙනවා.

විශ්‍රාමිකයින් වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ දෙනෙකුට ඉහළ යන ජීවන වියදම හමුවේ තම සතුන් රැකබලා ගැනීම ගැටලුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සතුන් රැක බලා ගන්නා පුණ්‍යායතන (RSPCA Victoria) වෙත තම සුරතල් සතුන් භාර දීමට කැමති පුද්ගලයින්ගෙන් මාසයකට ඇමතුම් 600ක් පමණ ලැබෙන බව සඳහන්.

නිවස මාරු කිරීම හෝ විදේශගත වීම ඇතුළු හේතු ද මේ අතර වනවා.

ප්‍රාන්තය පුරා සිටින සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට සහය වීමට Pet Food Bank වැනි තවත් වැඩසටහන් ආරම්භ කිරීමට මෙවැනි තත්වයක් මත සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් සත්ව හිමිකරුවන්ට ජීවන වියදම් ඉහළ යාම හමුවේ තම සතුන්ගේ පෝෂ්‍යදායි ආහාර මෙන්ම ඖෂධ මග හැරීමට සිදුවී ඇති බව ද සඳහන්.

රක්ෂණ සමාගමක් වන Australian Seniors විසින් 2023 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව සුරතල් හිමිකරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට තම සුරතල් සතුන්ගේ ආහාර සහ වෛද්‍ය අවශ්‍යතා සැපයීම දුෂ්කර වී ඇතැයි වාර්තා වුණා.

2023 වසරට අදාළව වික්ටෝරියානු රජය සිදු කළ සුරතල් සතුන් සංගණනයේ දැක්වෙන්නේ එක් සුනඛයෙකු රැකබලා ගැනීම සඳහා වසරකට ඩොලර් 3,664ක් හෝ සතියකට ඩොලර් 70ක් පමණ වැය වන බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »