බොහෝ දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති නිවාස ගැටලුව ගැන සුබ පණිවුඩයක්

බොහෝ දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති නිවාස අර්බුදය විසඳීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 2.8ක් වෙන් කර තිබෙනවා.

ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල පවතින නිවාස අර්බුදය විසඳීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අයවැයට ඩොලර් බිලියන ගණනක අරමුදල් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

නව නිවාස සහ ගෘහස්ථ හිංසනවලට ලක්වුවන් වෙනුවෙන් ස්ථාපිත වන නිවාස ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 2.8ක් වෙන් කර ඇති බව රජය ඊයේ පස්වරුවේ අනාවරණය කළා.

මෙය නිවාස අර්බුදය පිළිබඳ ප්‍රාන්ත රජය සැලකිලිමත් වන බව තහවුරු කරන ප්‍රධාන නිවේදනයක් බව ක්වීන්ස්ලන්ඩ් නියෝජ්‍ය අගමැති කැමරන් ඩික් සඳහන් කර තිබෙනවා.

2046 වසර වන විට නව නිවාස 53,500ක් ඉදිකිරීමේ ඉලක්කයක් ද ප්‍රාන්ත රජය සතුව පවතිනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් සමාජ සේවා කවුන්සිලය රජයේ මෙම තීරණයට ප්‍රසාදය පළ කර ඇති අතර ඔවුන් සඳහන් කළේ කුලී නිවැසියන්ට උපකාරයක් ලෙසට රජය තවත් බොහෝ දේ කළ යුතු බවයි.

ප්‍රාන්තය පුරා 150,000 කට පමණ පිරිසකට තවමත් දැරිය හැකි කුලී මුදලකට නිවාස ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

කැන්බරා හි සාමාන්‍ය නිවාස මිල ද අභිබවා යමින් රටේ දෙවන වඩාත්ම මිල අධික අගනුවර ලෙසට බ්‍රිස්බේන් පත්ව ඇති බව පසුගිය මාසයේ ප්‍රකාශ කෙරුණා.

බ්‍රිස්බේන් හි නිවසක සාමාන්‍ය මිල මේ වන විට පවතින්නේ ඩොලර් 937,479ක පමණ අගයකයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »