Search

ලබන මාසයේ සිට වැඩි වන වැටුප් ගැන ඔස්ට්‍රේලියාවේ පිරිසක් කනස්සල්ලෙන්

ඊයේ සිදු කරනු ලැබූ වැටුප් වැඩි කිරීමෙන් පසු අවම වැටුපක් ලබන මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට ලබන මාසයේ සිට වැටුප්වල සුබදායී වෙනසක් සිදු වනු ඇති බව වැටුප් විශ්ලේෂකයන් පවසනවා.

Fair Work Commission (FWC) විසින් අවම වැටුප වැඩි කිරීමට තීරණය කිරීම සමග ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.6 කට පමණ ලබන මස ආරම්භයේදී වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම තීරණය පිළිබඳ සියලු දෙනා සතුටු නොවන බව ද වාර්තා වී තිබෙනවා.

ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ වැටුප් වැඩි වීම අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ අවම වැටුප ජුලි මස පළමුවනදා සිට පැයකට ඩොලර් 24.72 දක්වා ශත 89කින් වැඩි කිරීමට නිර්දේශ කෙරුණා.

තවද සම්මත පැය 38ක වැඩ සතියක් තුළ ලැබෙන වැටුප අමතර ඩොලර් 33.82කින් ඉහළ දැමීමට නිර්දේශ කර තිබෙනවා.

ජීවන වියදම් පීඩනය හමුවේ අවම වැටුප් ලබන කම්කරුවන් දිරිගැන්වීමක් ලෙස සෑම වසරකම Fair Work කොමිසම විසින් මෙම වාර්ෂික වැටුප් වැඩි කිරීම සිදු කරනු ලබනවා.

මෙම වැටුප් ඉහළ නැංවීම බොහෝ කම්කරුවන් පිළිගනු ලැබුව ද කුඩා ව්‍යාපාරවලට එමගින් බලපෑමක් සිදුවන බවයි එම ව්‍යාපාර හිමිකරුවන් පවසන්නේ.

ඉහළ යන බලශක්ති බිල්පත්, කුලී මිල ගණන්, රක්ෂණ ගාස්තු මෙන්ම සහ ණය හේතුවෙන් බොහෝ කුඩා ව්‍යාපාර ද පීඩනයට ලක්ව සිටින බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සංවිධාන කවුන්සිලයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ තම ව්‍යාපාරවල වාර්ෂික ඵලදායිතාව සියයට 1.2ක් පමණ වන විට වැටුප් පිරිවැය වෙනුවෙන් සියයට 3.75 වෙන් කිරීම යහපත් තත්වයක් නොවන බවයි.

කෙසේවෙතත් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කළේ අඩු වැටුප් ලබන කම්කරුවන්ට අවශ්‍ය සහ ලැබිය යුතු බවයි.

මෙය මිලියන 2.6ක කම්කරුවන් සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ ජයග්‍රහණයක් බව භාණ්ඩාගාරිකවරයා ප්‍රකාශ කළා.

මෙම වැටුප් වැඩිවීම 2025 දී උද්ධමන අනුපාතය සියයට 3ට අඩු වනු ඇතැයි සිදු කර ඇති පුරෝකථනය කිරීමත් සමග ජනතාවට වැඩි සහනයක් වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබෙනවා.

තුන්වන අදියරේ 3 බදු කප්පාදුව ද ජූලි 1 දා ආරම්භ වන බව ෆෙඩරල් රජයේ අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර මෙම වැඩි කළ වැටුප් ප්‍රතිශතය ඉහළ නැංවීමේදී එය ද සැලකිල්ලට ගත් බව ජිම් චාමර්ස් ප්‍රකාශ කළා.

දරිද්‍රතාවයෙන් පෙළෙන නිවාස ඒකකවල සිටින සියයට 38ක් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස වැටුප් මත යැපෙන බව රජය දැනුවත් අතර ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීමට අමතරව, ඉහළ යන කුලී සහ නොකඩවා ඉහළ යන බලශක්ති පිරිවැය ඇතුළු උද්ධමන සිදුවීම් පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »