සංක්‍රමණිකයන් පිරිසක් නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා

අත්අඩංගුවෙන් හෝ රැඳවුම් කඳවුරුවලින් නිදහස් කරන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන කැමරා භාවිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කම්කරු අමාත්‍ය මරේ වොට් (Murray Watt) සඳහන් කළේ ආරක්ෂක අංශවල අධීක්ෂණය සහ සීමා සහිත කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලද රැඳවියන් 151 දෙනෙකුගේ නවාතැන්වල ඡායාරූප ගැනීමට රජය ඩ්‍රෝන යානා භාවිතා කරන බවයි.

රැඳවියන් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කරන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෘ ගයිල්ස් ද පසුගිය සතියේ කරුණු දක්වා තිබුණා.

මෙලෙස නිරීක්ෂණයට ලක්වන සංක්‍රමණිකයන් අතර මහාධිකරණ තීන්දුවකින් පසු නිදහස් කරන ලද හිටපු සංක්‍රමණික රැඳවියන් පිරිසක් වනවා.

හිටපු රැඳවියන් 151 දෙනා දින නියමයක් නොමැතිව රඳවා තබා ගත නොහැකි බවට මහාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ ඔවුන් වෙනුවෙන් ම සම්පාදනය කෙරුණු නව වීසා බලපත්‍ර ක්‍රමවේදයක් මත රට තුළ සිටීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

මෙම සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනෙකුට අපරාධ සම්බන්ධ ඉතිහාසයක් ඇති අතර ඇතැමුන්ට නිදහස් වූ දිනයේ සිටම වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

ඔවුන්ගේ නව වීසා බලපත්‍රයේ කොන්දේසියක් ලෙස පාසල් හෝ වෙනත් එවැනි විශේෂිත ස්ථාන ආසන්නයේ ජීවත් විය නොහැකි අතර ආගමන අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඔවුන් නිරීක්ෂණයට ද යටත් විය හැකියි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »