බලාපොරොත්තු රැසක් එක්ක ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන තරග බිමට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය මෙරට වෙලාවෙන් හෙට අලුයම(04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.

එම තරගය නිව්යෝර්ක්හී දී මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ ඕමාන කණ්ඩායම අතර තරගයක් ද අද පැවති අතර එහි ජය නැමීබියාවට හිමි වුණා.

ඒ සුපිරි පන්දු වාරයේදී ඕමානය පරාජයට පත්කරමින්. B කාණ්ඩයේ මෙම තරගය පැවැත්වුණේ බ්‍රිජ්ටවුන් හීදීයි.

කාසියේ වාසිය දිනාගත් නැමීබියාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමානයට ආරාධනා කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 109ක්.

ලකුණු 110ක පිළිතුරු ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි නැමීබියාව පන්දුවාර 20 අවසානගේ කඩුලු 6ක් දැවී ලකුණු 109ක් හිමිකරගත්තා.

ඒ අනුව තරගයේ තීරණයක් ලබා ගැනීම සඳහා සුපිරි ඕවරයක් භාවිතකෙරුණු අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම ලකුණු 21ක් රැස්‌ කළා.

නමුත් ඕමාන කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි. ඒ අනුව තරගයේ ජය නැමීබියා කණ්ඩායමට හිමිවුණා.

මේ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර ගයනාහි, ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට කොදෙව් ක්‍රීඩකයන් සමත් වුණා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »