ව්‍යාජ පොලිස් නිලධාරීන් ගැන මෙල්බන් ජනතාව අවදානයෙන් ඉන්නැයි උපදෙස්

මෙල්බර්න් අගනුවර පොලිස් නිල ඇඳුමකින් සැරසී ,ව්‍යාජ ගිනි අවියක් අතැතිව පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ Warragul විදියෙ හි වික්ටෝරියානු පොලිස් නිලධාරියෙකු ලෙස හැසිරෙමින් සිටිය දීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වික්ටෝරියානු පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ අනන්‍යතාව මෙතෙක් සනාත වී නැහැ.

සැකකරු මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි නිවසකින් පොලිස් නිල ඇඳුමක් සොරකම් කළ කර ඇති අතර ව්‍යාජ ගිහි අවියක් ද ඔහු සන්තකයේ තිබු බවයි අනාවරණය වී ඇත්තේ.

රාජ්‍ය සේවයේ නිළධාරියෙකු ලෙස පෙනී සිටීම, සොරකම් කිරීම, ව්‍යාජ ගිනි අවියක් ළඟ තබා බලපෑම් කිරීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ සැකකරු අද දින පසුව Moorabbib මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »