අවම වැටුප් ලබන ඔස්ට්‍රේලියානුවන්ට අද සිට සුබ පණිවුඩයක්

අවම වැටුප් ලබන මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් වැඩීවීම් සම්බන්ධ Fair Work කොමිසමේ වාර්ෂික වාර්තාව අද (june 03) එළිදැක්වීමට නියමිතයි.

අවම වැටුප පැයකට ඩොලර් 24.72 දක්වා ශත 89 කින් වැඩි කිරීමටයි නිර්දේශ කර ඇත්තේ.

තවද සම්මත පැය 38ක වැඩ සතියක් තුළ, මෙය අමතර ඩොලර් 33.82කින් ඉහළ දැමෙනු ඇති බවයි වාර්තා වන්නේ.

සෑම වසරකම Fair Work කොමිසම විසින් රටේ පවතින ආර්ථික තත්වය සහ ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා සැළකිල්ලටගෙන් එළිදක්වා තිබෙනවා.

ජීවන වියදම් පීඩනය හමුවේ අවම වැටුප් ලබන කම්කරුවන්ට දිරිගැන්වීමක් ලෙස සදහන්.

නව නිර්දේශ අනුව අවම සහ සම්මත වැටුප් යන දෙඅංශයම සියයට 3.75 කින් වැඩි කිරීමටයි නිර්දේශ කට ඇත්තේ.

මිලියන 2.6ක වැඩ කරන ජනතාවට මෙමගින් ප්‍රතිලාභ අත්වන අතර ගෘහස්ථ මූල්‍ය පීඩනයටද එය යම්තාක් සහනයක් වන බව ආර්ථික විශේෂඥයින් අනාවරණය කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »