ඔබත් ඔස්ට්‍රේලියානු ණය හිමියෙක් ද? එසේනම් අනිවාර්යයෙන් දැනගත යුතු දේ මෙන්න

MONEY FINANCE CURRENCY

ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් ණය සමඟ පොරබදමින් සිටිනබව නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා.

ASIC හි Moneysmart පර්යේෂණය වාර්තා අනුව පෙනී යන්නේ මේ වන විට ණය ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 47 ක් පසුගිය මාස 12 තුළ එම ණය ආපසු ගෙවීමට අරගල කර ඇති බවයි.

මෙහි විශේෂම කරුණ වන්නේ ණය හිමියන් ණය උපකාර සදහා බැංකු හෝ ණය දෙන්නන් සමග සාකච්ඡා කිරීමට මැදිකමක් දැක්වීමයි.

අඩු ආදායම්, අනපේක්ෂිත වියදම් සහ ජීවන වියදම් පීඩනය ඔස්ට්‍රේලියානුවන් තව දුරටත් මූල්‍යමය ණයකරුවන් බවට පත්වන ප්‍රධාන සාධක ලෙස සදහන් කර තිබෙනවා.

පර්යේෂණය සදහ ප්‍රතිචාර දැක්වූවන් අතුරින් අවුරුදු 18ට අඩු දරුවන් සිටින දෙමාපියන්ගෙන් සියයට 56ක් සදහන් කර ඇත්තේ පසුගිය වසර තුළ ඔවුන් දැඩි මූල්‍ය අර්බුදයකට ලකව සිටි බවයි.

පර්යේෂණකයින් පෙන්වා දෙන්නේ ජනතාව මූල්‍ය උපකාර පැතිම ප්‍රතික්ෂේප කිරීමට හේතුන් ලෙස චිත්තවේගී වශයෙන් ජනතාව තුළ වූ ආතතිය සහ කාංසාව , ලැජ්ජාව සහ අසාර්ථක වීම යන හැඟීම් මීට බලපා ඇති බවයි.

ඒ අනුව මූල්‍ය ණය පියවා ගැනීමට නොහැකි පුද්ගලයින් සදහා සහන සේවාවක් ලෙස Moneysmart නම් නව ව්‍යාපාරයක් දියත් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

තවද ASIC කොමසාරිස් ඇලන් කිර්ක්ලන්ඩ් පැවසුවේ
සදහන් කළේ දුෂ්කරතාවයේ සිටින ගනුදෙනුකරුවන් හට සහය ඉල්ලා සිටීමට නීතියෙන් අවසර ඉල්ලා සිටිය හැකි බවයි.

තවද කිර්ක්ලන්ඩ් පැවසුවේ ණය සමඟ පොරබදමින් සිටින පුද්ගලයින්ට මූල්‍ය ආධාර සැපයීමට බැංකු ඇතුළු ණය දෙන්නන්ට වගකීමක් පවතින අතර එසේ සහය පතා ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඔස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරිය අමතන්න ලෙස දැනුම දෙන ලෙසයි ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »