Search

මෙල්බන් ආශ්‍රිත නිවාස මිල ගණන් පහළ වැටුනු ප්‍රදේශ හදුනා ගැනේ

පසුගිය මාස 12ක කාලසීමාව තුළ නිවාස මිල ගණන් පහළ අගයක් ගත් ප්‍රදේශ අතරට මෙල්බන්හි තදාසන්න ප්‍රදේශ කිහිපයක් නම් කර ඇති බව නවතම දත්ත මගින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව (North Jacana) අවම මිල ගණන් යටතේ නිවාස ලබා ගත හැකි ප්‍රදේශයක් වන අතර එහි මිල ගණන් අගය සියයට 6.6කින් පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මීට අමතරව මෙල්බන්හි (Albert Park) හි නිවාස මිල අගය සියයට 6.3 කින් ද (Alphington) සියයට 5.7 කින් සහ (Fairfield) හි නිවාස මිල ගණන් සියයට 5.5ක් අඩුවීම විශේෂත්වයක්.

එම කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන පහත වැටී ඇති තදාසන්න ප්‍රදේශ 70ක් පමණ හඳුනාගෙන තිබුණා.

ජීවන වියදම් අර්බුධය හමුවේ ඔස්ට්‍රේලියානුවන් දැරිය හැකි මිල ගණන් යටතේ නිවෙස් මිලදි ගැනීමේදී දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර ඒ හේතුවෙන් නිවාස මිල ගණන් විමසීමේ දී අඩු මිල ගණන් සහිත තදාසන්න ප්‍රදේශ ගැන දැන ගෙන සිටීම වැදගත් වනු ඇති.