ACT වල බීමතින් ගිහින් වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු රියදුරා

ACTහි මෙතෙක් හමු වූ වැඩිම මත්පැන් ප්‍රතිශතයක් භාවිත කර රිය ධාවනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්‍රමවත් ලෙස ධාවනය වෙමින් තිබූ Toyota Corolla රථයක් නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් පසුගිය 31 වනදා අලුයම 2ට පමණ අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ශ්වසන පරික්ෂාවේදී හෙළිව ඇත්තේ බීමත් රියදුරෙකු විසින් සටහන් කළ වාර්තා අභිබවා මෙම පුද්ගලයා මධ්‍යසාර භාවිත කර ඇති බවයි.

Belconnen හි Strathnairn ප්‍රදේශයේදී මෙම 36 හැවිරිදි සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ශ්වසන පරික්ෂාවේදී ඔහුගේ මධ්‍යසාර අගය සටහන්ව ඇත්තේ .443 ක් ලෙසයි.

සාමාන්‍යයෙන් රුධිර මධ්‍යසාර සාන්ද්‍රණ මට්ටම (BAC) සීමාව .05ක් වන අතර මෙම අගය “මාරාන්තික මත්පැන් මට්ටමක්” ලෙසටයි පොලිසිය පෙන්වා දී ඇත්තේ.

එම අගය ඔස්ට්‍රේලියාවේ බිමත් රියදුරෙකුගෙන් වාර්තා වූ ඉහළම අගයක් බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

රියදුරුට වහාම දින 90ක බලපත්‍ර තහනමක් නිකුත් කර ඇති අතර අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »