
ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 14 සහ අතුරුදහන්වීම් 5ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
විශේෂයෙන් කලු ගඟ, ගිං ගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ දෙපස සිටින ජනතාව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා අංශ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය ආපදාවට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා යොදවා ඇති බවත් ඒ අනුව ආපදාවට පත් ජනතාව බේරා ගැනීමේ ක්‍රියාවන් මේ වනවිටත් අඛණ්ඩව සිදුවන බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණය හමුවේ අද දින ශ්‍රී ලංකාවේ සෑම පාසැලක්ම වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා.
මේ අතර වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ලංකාව තුළ තවමත් නැති වීම බරපතල තත්වයක් බව කාලගුණ විශේෂඥයින් පවසනවා

එම පද්ධතියක් තුළින් අධික වර්ෂාවක් නිවැරදි ලෙස පුරෝකථයන කර ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවතින තාක්ෂණයන් මත කාලගුණ අනාවැකි සිදුකිරීමට සිදුව තිබෙන බව සදහන්.
සාමාන්‍ය ජනතාව, ධීවරයින් ඇතුළු විශාල සංඛ්‍යාවක් සෑම වසරකදීම ආපදාවන්ට ලක්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.