අතරමං වූ තරුණයන් බේරා ගත් ඔස්ට්‍රේලියාවේ මෙහෙයුම

බටහිර ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශයක අතරමංව සිටි තරුණයන් 3 දෙනෙකු වෙරළේ සටහන් කර තිබූ ආපදා දැන්වීමක් හේතුවෙන් බේරා ගැනීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

එම ස්ථානයෙන් ගමන් කළ හෙලිකොප්ටරයක සිටි නියමුවන් දෙදෙනා වෙරළේ සටහන් කර තිබූ Help යන වචනය දැකීමෙන් අනතුරුවයි ඒ පිළිබඳ සොයා බලා ඇත්තේ.

මෙම තරුණයන් 3 දෙනා ගමන් කළ මෝටර් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් අතරමංව ඇති අතර එම දෝෂය පිළිසකර කර ගැනීමට ඔවුන් සතුව ආම්පන්න තිබී නොමැති බව සඳහන්.

අනතුරුවයි කිසියම් හෝ උපකාරයක් බලාපොරොත්තුවෙන් ඔවුන් ඔවුන් වැලි මත හෙල්ප් යන වචනය සටහන් කර ඇත්තේ.

ඒ ආසන්නයෙන් ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනෙකුම මෙම පණිවිඩය දැක බලධාරීන්ට දැනුම් දුන් අතර පොලිසිය සහ රථවාහන අංශයේ නිලධාරීන් ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් ඔවුන් බේරා ගැනුණා.

ඒ ඔස්ට්‍රේලියා සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ ජෙට් යානයක් විසින් එම ප්‍රදේශයේ GPS තොරතුරු ලබාදීමෙන් පසුවයි.

ආපදාවට ලක්වූ වාහනය අසල මෙම කණ්ඩායම පැය 6කට ආසන්න කාලයක් ගත කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

වැලිවල සටහන් කළ ආපදා පණිවුඩ හේතුවෙන් පුද්ගලයන් බේරා ගැනුණු පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය වසරේ නිව් සවුත් වේල්ස් දකුණු වෙරළ තීරයේදී ද කුඩා දරුවෙක් සහ පිරිමි පුද්ගලයෙකු බේරා ගැනුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »