ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාජ ලිංගික ඡායාරූප නිර්මාණය කරන්නන්ට වැඩ වරදී

කෘත්‍රිම බුද්ධිය නොහොත් AI තාක්ෂණය යොදාගනිමින් සැබෑ මිනිස් ස්වරූපය සහිත ව්‍යාජ ලිංගික රූප නිර්මාණය කිරීම නුදුරේදීම අවහිර කරන බව ෆෙඩරල් රජය පවසනවා.

ඒ අනුව එවැනි ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් ද නීතිය ඉදිරියට ගෙන එන බවයි ෆෙඩරල් රජය නිවේදනය කර ඇත්තේ.

මේ පිළිබද යෝජනාවක් නිතිපති දෙපාර්තමේන්තුව විසින් ලබන බදාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

මේ අතර ඔස්ට්‍රේලියානු ව්‍යාපාර නගා සිටුවීම සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේ නව ව්‍යාපෘතියකට ‌ෆෙඩරල් රජය ඒකගතාව පල කර තිබෙනවා.

ඒ අනුව කෘතිම බුද්ධිය උපයෝගි කරගනිමින් ඵලදායි සේවාවක් සැපයීම සඳහා ඩොලර් මිලියන 17ක ප්‍රතිපාදන වෙන් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීම සඳහා ඊට අදාළ පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 5ක් රට පුරා ස්ථාපිත කිරීමට නියමිත අතර ඉදිරියේදි එය මධ්‍යස්ථාන ජාලයක් ලෙස ව්‍යාප්ත කිරීමට ද නියමිතයි.

කර්මාන්ත අමාත්‍ය ඉඩ් හුසීක් සඳහන් කළේ මෙලෙස කෘතිම බුද්ධිය ව්‍යාපර ක්ශේත්‍රය සඳහා භාවිත කිරීමට ලැබීම ආර්ථිකයට නවතාවයක් එක් කරන අතර වැඩි ආර්ථික වාසි අත්කර ගැනීමට හැකිවන බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »