ඔස්ට්‍රේලියානු පිරිමින්ගේ මාසික වැටුප අවසන් වුණාම මොකද වෙන්නේ?

ජීවන වියදම් අර්බුදය අතරතුර මුදල් හිඩැස් පියවා ගැනීම සඳහා මිලියන ගණනක් ඔස්ට්‍රෙලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වෙත යොමු වෙමින් සිටින බව නව පර්යේෂණයකින් හෙළි ව තිබෙනවා.

Finder පැවසුවේ පසුගිය මාස 12ක් තුළ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගෙන් සියයට 44ක් එනම් මිලියන 4.6කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට්කාඩ්පත් ගණුදෙනු සිදු කර ඇති බවයි.

මාසික වැටුප් අවසන් වූ පසු තමන්ට පවතින එකම විකල්පය ක්‍රෙඩිට් කාඩ් බවයි ඔස්ට්‍රෙලියානුවන් පෙන්වා දෙන්නේ.

උද්ධමනය සහ බැංකු පොලී අනුපාතිකය හේතුවෙන් තවදුරටත් ජනතවගේ මූල්‍ය පීඩනය ඉහළ ගොස් ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු පිරිමින්ගේ මාසික වැටුප මීළග වැටුප් දිනට පෙර අවසන්වීමෙන් ක්‍රෙඩ්ට්කාඩ් වෙත යොමු වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති බව සදහන්.

බොහෝ දෙනෙක් පසුගිය උත්සව සමයේ සිදු කළ ක්‍රෙඩ්ට් කාඩ්පත් ගණුදෙනු තවමත් අවසන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »