වික්ටෝරියානු කාන්තාවන් ලග තබා ගතයුතුම දුරකතන අංකයක් මෙන්න

වික්ටෝරියා රජය ගෘහස්ථ ප්‍රචණ්ඩය මැඩපැවැත්වීම සදහා නව ප්‍රතිසංස්කරණ රැසක් හදුන්වා දී තිබෙනවා.

ප්‍රාන්තයේ ගෘහස්ථ හිංසනයට සම්බන්ධ වැරදිකරුවන්වෙත අවධානය යොමු කරමින් ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන ඇති බව සදහන්.

වික්ටෝරියානු අගමැති ජසින්ටා ඇලන් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ගෘහස්ථ හිංසනයට සම්බන්ධයෙන් මැදිහත්වීම් සදහා නව කාලසීමාවක් හදුන්වා දීම මෙහි ප්‍රධාන ප්‍රතිසංස්කරණයයි

මෙහිදි හිංසනයට ලක්වූ වින්දිතයින් තුළ ඔවුන් ආරක්ෂිත නොවේ යන ආතතිය ඉවත්වනු ඇති බව ඇලන් වැඩිදුරටත් සදහන් කර තිබුණා.

මේ අතර වික්ටෝරියා හි පවුල් ප්‍රචණ්ඩත්වය අත්විඳින හෝ ඒ සම්බන්ධ බිය වන ඕනෑම කෙනෙකු පැය විසිහතර පුරා ඒ සම්බන්ධයෙන් විශේෂඥ සහාය සේවා ආයතන පිළිබද දැනුවත් කිරීමක් ද කර තිබෙනවා.

ඒ අනුව 1800 015 188 යන දුරකතන අංකය ඔස්සේ savesafety ආයතනය හා සම්බන්ධවීමේ හැකියාව වික්ටෝරියානුවන්ට හිමිවනවා.

ඔබට අවශ්‍ය සියලූ සේවා ඒ හරහා ලබා ගත හැකි අතර වික්ටෝරියානුවන් අතර ගෘහස්ථ හිංසනයට ගොදුරු වන්නන්ට එය වඩාත් සහනදායි වනු ඇති.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »