මෙල්බන්වල පොදු ප්‍රවාහන සේවා ගැටලු විසඳන්න අලුත් වැඩක්

මෙල්බන් අගනුවර පොදු ප්‍රවාහන සේවා ගැටලු විසදීමේ අරමුණින් යෝජිත නව පොදු ප්‍රවාහන බස් සේවා පද්ධතිය තවදුරටත් ප්‍රතිසංස්කරණය කළ යුතු බව හඳුනාගෙන තිබෙනවා.

නව බස්රථ සේවා ධාවන වන වේලාවන් සහ එහි නැවතුම් වාර සංඛ්‍යාව මෙන්ම නැවතුම් ස්ථාන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදයන් තවදුරටත් පුලුල් කල යුතු බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර ජනගහනය වැඩි තදාසන්ත ප්‍රදේශයන්හි බස් සේවා තවදුරටත් පුලුල් කිරීම සහ පොදු ප්‍රවාහන ගාස්තු පහළ දැමීම කෙරෙහි ද සොයා බැලීමට ද නිර්දේශ වී තිබෙනවා.

නිවෙස් පරිශ්‍ර ආශ්‍රිත බස් නැවතුම් ස්ථාපිත කිරීම මගින් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් මෙල්බන් නගරය තුළ ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව සඳහන්.

පවතින ජීවන වියදම හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පොදු ප්‍රවාහන සේවාවේ සහන මෙමගින් ලැබෙනු ඇති.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »