තර්ජනාත්මක වචන භාවිතයෙන් වික්ටෝරියා ප්‍රාන්ත නගරයක් පෙරමුණට

දෛනික භාවිතයේ දී තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන නගරය බවට වික්ටෝරියා හි බෙන්ඩිගෝ නගරය පත්ව තිබෙනවා.

අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ බෙන්ඩිගෝ වැසියන් තර්ජනාත්මක වචන භාවිත කිරීමේ සාමාන්‍ය අගය සියයට 21ක් බවයි.

හෝබාර්ට් හි පදිංචිකරුවන් දිනකට අවම වශයෙන් තර්ජනාත්මක වචන 6ක් භාවිත කරන බව සඳහන්.

අධ්‍යයනය සඳහා ප්‍රතිචාර දැක්වුවන් අතුරින් තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන වයස් කාණ්ඩය ලෙස වයස අවුරුදු 16 – 24 වයස් සීමාවේ පසුවන්නන් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් දෛනිකව භාවිත කරන තර්ජනාත්මක වචන සංඛ්‍යාව ඉහළ බව සඳහන්.

රිය ධාවනය අතර තුර මෙලෙස තර්ජනාත්මක වචන වැඩි වශයෙන් භාවිත කරන බවයි හෙළි වී ඇත්තේ.

ඒ අනුව වැඩි වශයෙන් තර්ජනාත්මක වචන භාවිත කරන නගර ශ්‍රේණිගත කිරීම් පහත දැක්වෙනවා.

Bendigo
Toowoombo
Gold Coast
Newcastle
Brisbane
Rockhampton
Albury Wodongo
Ballarat
Cranbourne
Wollongong

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »