ඉන්ධන ගැටලුවක් නිසා ප්‍රධාන ගුවන්තොටුපලක ගුවන් ගමන් ප්‍රමාදයක්

ඉන්ධන පිරවීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ගැටලුවක් හේතුවෙන් පර්ත් ගුවන් තොටුපළේ සිට පිටත්වන දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා මතුවී තිබෙනවා.

මේ හේතුවෙන් එම ගුවන් තොටුපලට නැවත දැනුම්දෙන තෙක් නොපැමිණෙන ලෙසටයි ගුවන් සමාගම්වලට ද උපදෙස් දී ඇත්තේ.

ඉන්ධන ගැටලුව හමුවේ අද උදෑසන වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් නවයක් සහ අභ්‍යන්තර ගුවන් ගමන් පහක් අවලංගු කර ඇති බව පර්ත් ගුවන් තොටුපල ප්‍රකාශකයෙක් තහවුරු කළා.

ඔහු සඳහන් කළේ ගුවන් තොටුපළේ ඉන්ධන සැපයුම් පද්ධතිය තුළ සැලකිය යුතු ගැටලුවක් ඇති අතර එය ගුවන් ගමන් මෙහෙයුම් සඳහා විශාල බලපෑමක් ඇති කරන බවයි.

භූගත ඉන්ධන නල මාර්ගවල පීඩනය අඩුවීම මෙම ගැටලුවට හේතුව බවට පැවසෙන අතර දේශීය විශේෂඥයින් ගැටළුව විසඳීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම තත්වය මත තවත් ගුවන් ගමන් අවලංගු කිරීම් අපේක්ෂා කරන අතර පිටව ගොස් නොමැති අභ්‍යන්තර ගුවන් ගමන්වලටද එය බලපානු ඇති බවයි පර්ත් ගුවන්තොටුපල ප්‍රකාශකයා සඳහන් කළේ.

ආපසු ගුවන් ගමනක් යාමට ප්‍රමාණවත් ඉන්ධන යානයේ නොමැති නම් නැවත දැනුම් දෙන තුරු පර්ත් ගුවන් තොටුපළ වෙත ගුවන් යානා නොයවන ලෙස ගුවන් සමාගම්වලට ද උපදෙස් දී තිබෙනවා.

නව පර්යන්තයක් සහ ධාවන පථයක් සමඟ ගුවන් තොටුපළ වැඩිදියුණු කිරීම සඳහා පර්ත් ගුවන්තොටුපළ Qantas සමඟ ඩොලර් බිලියන 5ක ගිවිසුමකට එළඹීමේ සිදුවීමෙන් පසු මෙය වාර්තා වී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »