සයිබර් ප්‍රහාරයක් නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික දත්ත එළියට

Ticketek Australia හි ලියාපදිංචි පාරිභෝගිකයින්ගේ තොරතුරු සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් භාහිර පාර්ශවයක් වෙත ලැබී ඇති බව එම සමාගම පවසනවා.

ඔවුන් පෙන්වා දුන්නේ තම ගනුදෙනුකරුවන්ගේ නම්, ඊමේල් සහ උපන් දින ඇතුලු දත්ත වෙත හැකර් කණ්ඩායමක් ප්‍රවේශ වී ඇති බවයි.

ඔවුන්ගේ ප්‍රතිවාදී සමාගමක් වන Ticketmaster පාරිභෝගික තොරතුරු හැකර් කණ්ඩායමක් විසින් සොරකම් කිරීමේ සිදුවීමෙන් දින කිහිපයකට පසුව මෙම සිද්ධිය වාර්තා වී තිබෙනවා.

Ticketek පවසන්නේ මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්විය හැකි පාරිභෝගිකයින්ට දැනුම් දෙන අතර සයිබර් ආරක්ෂණ ජාතික කාර්යාලය සමඟ සහයෝගයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම දත්ත නිකුත් වීමේ සිදුවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයැද සිටින බවයි Ticketek සමාගම නිවේදනය කළේ.

පාරිභෝගිකයන්ගේ පාස්වර්ඩ් හෝ ගිණුම් තොරතුරු සම්බන්ධයෙන් දැඩි ආරක්ෂිත ක්‍රමවේද පවතින බැවින් එම අතිශය රහස්‍ය තොරතුරු සඳහා බලපෑමක් වී නොමැති බව සමාගම අවධාරණය කළා.

Ticketek සහ Ticketmaster ආයතන දෙකෙහි සයිබර් ප්‍රහාර එකිනෙකට සම්බන්ධ ද යන්න පිළිබඳ මෙතෙක් කිසිදු සාක්ෂියක් හමුවී නැහැ.

ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil පැවසුවේ මෙතෙක් තමන්ට ලැබී ඇති තොරතුරු මත පදනම්ව මෙම දත්ත ලබා ගැනීම බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට බලපෑ හැකි වුව ද එම දත්ත උපන්දිනයන් සහ ඊමේල් ලිපිනවලට පමණක් සීමා විය හැකි බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »