ඇගයීමක් එක්ක ශ්‍රී ලංකික තරුණියට MasterChef Australia තරගයේ යළි අවස්ථාවක්

MasterChef Australia තරඟාවලියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා තරඟකාරිය සවින්ද්‍රි පෙරේරාට එහි විනිසුරුවරුන් විසින් යළි අවස්ථාවක් ලබාදී තිබෙනවා.

2024 තරඟාවලියට නැවත එක්වීමේ අවස්ථාවක් ලබා ගැනීම වරම් හිමි වූ තරඟකරුවන් අට දෙනා අතර සවින්ද්‍රි පෙරේරා ද වීම විශේෂත්වයක්.

ඇය සකස් කරන ලද ශ්‍රී ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් මෙම අවස්ථාව ලැබුණු අතර ශ්‍රී ලංකික තරුණිය නැවතත් තම හදවත්වලට පිවිසිණු බවයි විනිසුරුවරුන් සඳහන් කළේ.

ඇය මීට පෙර තරඟවල සකස් කරනු ලැබූ රසවත් ශ්‍රී ලාංකීය ආහාරවල රස බැලීමෙන් පසුව MasterChef Australia විනිසුරුවන් තරඟයට නැවත පැමිණීම සඳහා සවින්ද්‍රි තෝරා ගෙන තිබුණා.

වයස අවුරුදු 18 දී ඇඩිලේඩ් වෙත පැමිණෙන යන තෙක් ඇය ජීවත් වූ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ඉවුම් පිහුම් විලාසය මෙන්ම පිළිගැන්වීම ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තරඟය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා රැකියාවෙන් පවා ඉවත් වූ ඇය, MasterChef Australia තරඟාවලියේ ඉදිරි තරග වට සඳහා සූදානම් වෙමින් පසු වනවා.

මෙවර තරගවටය සදහා ඇය ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකීය දිවා ආහාරයක් වූ අතර ඒ සඳහා Black pork curry, ඉස්සෝ මිරිසට, අල කිරි හොදි, ලූණු කොල සම්බෝලයක්, වම්බටු මෝජුවක්, කජූ බැදුමක් සමග දුන්තෙල් බතක්.

MasterChef තරගාවලියක් තුළ මෙලෙස ශ්‍රී ලාංකීය ආහාරවේලක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බවයි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටියේ.

තරග විනිසුරුවරුන්ද මෙවැනි ශ්‍රී ලාංකීය ආහාර වේලක අත්දැකීමක් ලබා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් ඇයට ප්‍රශංසා කර තිබුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »