
ශ්‍රී ලංකික සම්භවයක් සහිත කම්කරු පක්ෂ මන්ත්‍රී මිචෙල් ආනන්ද රාජාගේ වික්ටෝරියා ප්‍රාන්තයේ Higginsහි ප්‍රධාන ආසනය මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී අහෝසි කිරීමට නියමිත බව වාර්තා වනවා.
මේ අනුව 2022 වසරේදී ලිබරල් අපේක්ෂක කැති ඇලන් (Katie Allen) පරාජය කිරීමෙන් පසු බලයට පැමිණි වත්මන් කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මිචෙල් ආනන්ද රාජාට නව ආසනයකට තරඟ කිරීමට සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.
මැතිවරණ කොමසාරිස් ටොම් රොජර්ස් පැවසුවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන දෙඅංශයේම ආසන සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය වන අතර බටහිර ඕස්ට්‍රේලියාවේ නව අංශයක් පිහිටුවීමට ද අවශ්‍ය බවයි.

නව යෝජනාව යටතේ, සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මැතිවරණ කොට්ඨාශවල සීමාවන් අඩුවීම සඳහා සංශෝධනය කරන බවයි ඔහු සඳහන් කළේ.
යෝජිත වෙනස්කම් යටතේ, Higgins ආසනය Hotham සහ මෙල්බන් ඇතුලු අසල්වැසි ආසන කිහිපයකට බෙදා හරිනු ඇති.

මිචෙල් ආනන්ද රාජා 1972 වසරේදී ලන්ඩනයේ උපත ලැබුවේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවෙන් පලා ගිය දමිළ දෙමාපිය යුවළකට දාවයි.
ළමා වයසේදීම ඔස්ට්‍රේලියාවට පැමිණෙන තෙක් ඇය වසර 11ක් සැම්බියාවේ ජීවත් වී තිබෙනවා.
මන්ත්‍රී මිචෙල් ආනන්ද රාජා 1996 දී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් අතර බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හරිනු ලැබුවේ 2021 වසරේදී යි.