Search

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් ගැන තොරතුරු එළියට

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් මුහුණපාන පොදු ගැටලු 5ක් පිළිබඳ තොරතුරු වාර්තාවී තිබෙනවා.

සෑම වසරකම ලක්ෂ 3කට අධික ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට පැමිණෙන අතර පොදුවේ ඔවුන් මුහුණ පාන ගැටලු තිබුණ එම ගැටළු මඟහරවා ගැනීමට ක්‍රමයක් නොමැති බවයි එමගින් පෙනී ගොස් ඇත්තේ.

ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ දී මුහුණපාන ප්‍රධානතම ගැටලුව වන්නේ භාෂාව වන අතර ඉංග්‍රීසි තම මව් භාෂාව නොවන සිසුන්ට ඔස්ට්‍රේලියාවේදී අපහසුතාවට පත්වීමට සිදුවී තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කිරීමට නොයෙකුත් වැඩසටහන් විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම සිසුන් තවමත් ඇතැම් කරුණු සඳහා හැඩගැසීමට අපොහොසත් වී ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රාදේශීය ප්‍රජාවේ සාමාජිකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම ඔවුන් සමග පවත්වන සබඳතා මගින් ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කිරීමට අවස්ථාව පවතිනවා.

ජාත්‍යන්තර සිසුන්ට බලපෑම් එල්ල කෙරෙන අභියෝග අතරට නව මිතුරන් හඳුදුනා ගැනීම ද අයත්වනවා.

එසේම සංකෘතික විවිධත්වය ද ජාත්‍යන්තර සිසුන්ට බලපෑම් කරන අතර ඔස්ට්‍රේලියානු සංකෘතිය, නීති රීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම හේතුවෙන් ද ඔවුන් අපහසුතාවන්ට ලක්විය හැකියි.

කුලී නිවාස අර්බුදය ද ජාත්‍යන්තර සිසුන් සදහා බලපෑම් එල්ල කර අතර පවතින ජීවන වියදමු හමුවේ දැරිය හැකි මිල ගණන්වලට නිවාස සොයා ගැනීමට ද ජාත්‍යන්තර සිසුන් අරගලයක නිරත වන බව සඳහන්.

අධ්‍යන විෂය නිර්දේශයන් හා තෝරාගැනීම් සම්බන්ධ විවිධ ගැටලුවලට ද ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ දී මුහුණදිය හැකියි.

ඒ පිළිබඳ තනි තීරණ ගැනීමට පෙර තමන් සම්බන්ධ වන විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරුන් හෝ තානාපති කාර්යාල සේවා මගින් උපදෙස් ලබා ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.