වික්ටෝරියා ප්‍රාන්තයේ රථ වාහන ගැන රජයෙන් තීරණ කිහිපයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රාන්තය පුරා නව වැඩපිලිවෙලක් රථවාහන අංශ සහ පොලිසිය එක්ව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දෙමින් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම, අහඹු ශ්වසන පරීක්ෂාවන් සිදු කිරීම සහ නීතිගත කිරීම, ප්‍රාන්තය පුරා වේග සීමා නිරීක්ෂණ කැමරා හඳුන්වාදීම ඇතුළු ප්‍රතිපත්ති මේ යටතේ ප්‍රමුඛ වනවා.

2050 වසර වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනුතුරුවලින් සිදුවන මරණ අවම කිරීම මෙහි අරමුණ වන අතර 2030 වසර වන විට දැනට පවතින මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීම එහි අරමුණයි.

වික්ටෝරියානු ප්‍රජාව තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳ සංස්කෘතියක් ඇති කරමින් මාර්ග ආශ්‍රිතව සිදුවන මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීමට අදාළ මූලෝපායන් සැලසුම් කරමින් පවතිනවා.

ජනතාව දැනුවත් කිරීම, මහා මාර්ග රථ වාහන ධාවනයට සුදුසු අයුරින් සකස් කිරීම සහ වාහනවල තත්වය නිසි පරිදි නඩත්තු කරගැනීමට උපදෙස් දීම මෙන්ම අනාරක්ෂිත වාහන මාර්ගවලින් ඉවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙන බව සඳහන්.

එසේම රැකියාව සඳහා මාර්ගය භාවිතා කරන අයගේ ආරක්ෂාව වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම සඳහා ප්‍රවාහන දෙපාර්තමේන්තුව, වික්ටෝරියා පොලිසිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ද එක්ව කටයුතු කරනු ලබනවා.

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »