
මෙල්බර්න් පර්යේෂකයන් පිරිසක් ඇනරෙක්සියා (anorexia) රෝගයට අදාළ ප්‍රතිකාර වෙනුවෙන් සායනික අත්හදා බැලීම් දෙකක් සිදු කර තිබෙනවා.
මෙම අත්හදා බැලීම් දෙකම මෙහෙයවනු ලබන්නේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සහ ඇල්ෆ්‍රඩ් හෙල්ත් හි ආහාර ගැනීමේ දුර්වලතා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ ( HER) පර්යේෂකයන් විසිනුයි.
ඇනරෙක්සියා රෝගයෙන් පෙළෙන වයස අවුරුදු 16 සහ ඊට වැඩි කාන්තාවන් 50 දෙනෙකු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම අත්හදා බැලීම් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඇනරෙක්සියා නර්වෝසා යනු වෙනත් මානසික රෝගී තත්වයන් හා සැසඳීමේ දී වැඩිම මරණ අනුපාතයක් ඇති ආබාධයක් ලෙසට සැලකෙනවා.
මෙම මානසික ආබාධය හේතුවෙන් රෝගීන් ආහාර ගැනීම් ප්‍රතික්ෂේප කරන අතර එය ඉතා සංකීර්ණ සහ දරුණු මානසික රෝගයක් ලෙසටයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එම ආබාධ සහිත පුද්ගලයින්ගේ මරණ අනුපාතය සාමාන්‍ය මානසික අවපීඩනයෙන් පෙළෙන අයට වඩා හතර ගුණයකින් වැඩි බවට ගණන් බලා තිබෙනවා.
මෙම රෝගී තත්වය සඳහා නිවැරදි ප්‍රතිකාර සොයා ගැනීම අපහසු විය හැකි අතර එකම ප්‍රතිකාරය සෑම පුද්ගලයෙකුටම නොගැලපෙන බව ද සඳහන්.
පර්යේෂකයන් විසින් අත්හදා බලන නව හෝමෝන ප්‍රතිකාරය ඇනරෙක්සියා නර්වෝසා රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
ඇනරෙක්සියා රෝගීන්ගේ හැසිරීම් සඳහා හේතු වන මොළයේ ජාලයක් විශේෂඥයින් විසින් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා විද්‍යුත් චුම්භක උත්තේජනයක් මගින් ප්‍රතිකාර කිරීම ද මෙම නව සොයා ගැනීම්වලට ඇතුලත්.