මෙල්බන්වල පර්වතයක් තරණය කරන්න ගිය පුද්ගලයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

මෙල්බර්න්හි වයඹදිග ප්‍රදේශයේ පර්වතයක් තරණය කිරීමට ගිය පුද්ගලයෙකු ඉන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු 1.45ට පමණ ඔහු Werribee Gorge State Park හිදී මෙම අනතුරට ලක්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ වෛද්‍යවරුන් තුවාලකරුට මූලික ප්‍රතිකාර ලබාදී මෙල්බන්හි රෝහලක් වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම කඳු නගින්නා බේරා ගැනීමට ප්‍රදේශයේ ස්වේච්ඡා සේවකයන් ද මෙහෙයුමට සහාය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

වික්ටෝරියා ගිලන්රථ සේවය පැවසුවේ වයස අවුරුදු 60ක පමණ වූ මෙම පුද්ගලයා රෝහල් ගත කළ අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති බවයි.

බරපතල තුවාල ලැබූ ඔහුගේ තත්වය පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »