ඔස්ට්‍රේලියාවේ සිසුන් අපහසුතාවට පත්වන රජයේ තීරණයක් අද සිට

අද සිට ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය ණය හිමියන්ගේ ණය මුදල් වැඩිවීමක් සිදු කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද වන විට නොගෙවූ උසස් අධ්‍යාපන ණය ඇති (HECS-HELP) ඕනෑම අයෙකුට ඔවුන්ගේ ණය අගය සියයට 4.7කින් වැඩි වනු ඇති බව සඳහන්.

පසුගිය වසරේ සිසුන්ගේ ණය සියයට 7.1කින් ඉහළ දැමූ අතර එය වසර 30ක් තුළ දක්නට ලැබුණු විශාලතම වැඩිවීම බවටයි වාර්තා වූයේ.

අද සිදුවන වෙනස්කම් හේතුවෙන් උසස් අධ්‍යාපන ණය බරින් පෙළෙන මිලියන 2.9ක් වන පිරිසකට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව අනාවරණ වී තිබෙනවා.

මෙමගින් අදහස් වන්නේ ඩොලර් 26,494ක සාමාන්‍ය ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය ණයක් ඇති අයෙකුට අද සිට ඒ සඳහා අමතර ඩොලර් 1245ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි.

තවමත් ඩොලර් 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ආපසු ගෙවීමට ඇති ශිෂ්‍ය ණය හිමියන්ගේ ණය අවම වශයෙන් ඩොලර් 4700කින් වැඩි වනු ඇති.

මෙම තත්වය ශිෂ්‍ය ණය හිමියන් සඳහා තවදුරටත් බලපෑම් කරන අතර පසුගිය මාසයේ ෆයින්ඩර් සමීක්ෂණයකින් හෙළි වූයේ ශිෂ්‍යයන්ගෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් තම ණය ගෙවීම ගැන සැලකිලිමත් වන බවයි.

අද සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම ක්‍රමවේදය මගින් ශිෂ්‍ය ණය හිමියන් තවදුරටත් අපහසුතාවට පත්වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

2023 වසරේදී මෙන්ම අද මෙම ණය මුදල් වැඩි වුවද අයවැයෙන් යෝජිත පරිදි මෙම වසර අවසානයේ බලාත්මක වන නීති මගින් සිසු ණය හිමියන් සඳහා සහන ලබාදීමට නියමිත බව ද වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »