බටහිර ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ඉතිහාසය අලුත් කරන සුවිශේෂී අවස්ථාවක්

පර්ත් ගුවන් තොටුපළ පුළුල් කර නව ධාවන පථයක් මෙන්ම පර්යන්ත ඉදි කිරීම සඳහා ගුවන් තොටුපළ බලධාරීන් සහ Qantas සමාගම අතර ඩොලර් බිලියන 5ක ගිවිසුමකට එළඹ තිබෙනවා.

පර්ත් ගුවන් තොටුපළ තුළ සිදු කෙරෙන මෙම සුවිශේෂී ආයෝජනයත් සමග වාර්ෂිකව මිලියන ගණනකින් සංචාරකයින් ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Qantas සහ Perth Airport අතර ඩොලර් බිලියන 5 ක මෙම ගිවිසුම මගින් නව ධාවන පථයක් සහ පර්යන්තයක් ඉදි කිරීම සිදු කෙරෙන අතර මෙය සැලකෙන්නේ පර්ත්හි සිදු කෙරෙන විශාලතම පුද්ගලික යටිතල පහසුකම් සංවර්ධනය ලෙසටයි.

මෙම ගනුදෙනුව මගින් Qantas සහ Jetstar හි සියළුම සේවාවන් 2031 වසර වන විට විවෘත කෙරෙන නව පර්යන්තයකට ගෙන යනු ඇති.

පර්ත් ගුවන් තොටුපළට මහල් කිහිපයකින් යුත් රථ ගාල් දෙකක්, ප්‍රධාන ප්‍රවේශ මාර්ග සහ ගුවන් තොටුපළේ ස්ථාපිත කෙරෙන පළමු හෝටලය ද ඇතුළත්.

බටහිර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය රොජර් කුක් ප්‍රකාශ කළේ මෙම සංවර්ධන වැඩපිළිවෙල සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රවර්ධනයක් වන බවයි.

මෙමගින් පර්ත් ගුවන් තොටුපළ බටහිර ඔස්ට්‍රේලියානුවන් සඳහා ලෝක මට්ටමේ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරන අතර සංචාරකයින් සඳහා ඉහළ ජාත්‍යන්තර මට්ටමකට ගෙන එනු ඇති බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.

මෙය බටහිර ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර මෙම ගිවිසුම පර්ත් ගුවන්තොටුපළ සහ ක්වන්ටාස් යන දෙකෙහිම අනාගත ප්‍රවර්ධනයේ මූලික පියවරක් බව පර්ත් ගුවන්තොටුපල ප්‍රධාන විධායක ජේසන් වෝටර්ස් සඳහන් කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »