
ක්වීන්ස්ලන්ඩ් විශේෂඥයින් පිරිසක් පාකින්සන් රෝගය සඳහා නව ප්‍රතිකාරය ක්‍රමයක් සොයා අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
මෙම රෝගී තත්වය පිළිබඳ වසර ගණනාවකට පෙර ලන්ඩන් වෛද්‍ය ජේම්ස් පාකින්සන් විසින් විස්තර කර ඇති ප්‍රතිකාර ක්‍රමයන්ට නව මුහුණුවරක් එක් කිරීම මෙහි අරමුණ බව සඳහන්.
නව ප්‍රතිකාර ක්‍රම හඳුනා ගැනීම සඳහා පැරණි පර්යේෂණ ක්‍රම ගණනාවක් ක්වීන්ස්ලන්ඩ් පර්යේෂණ කණ්ඩායම විසින් මේ වන විට අත් හදාබැලීම් සිදුකරනු ලබනවා

නව පර්යේෂණය සඳහා මානව මෙන්ම සත්ව අධ්‍යයනයන් ද ඇතුළත් වීම විශේෂත්වයක්.
විද්‍යාඥයින් අවම වශයෙන් පාකින්සන් රෝගීන් 70 දෙනෙකුගේ රුධිරය, මළ මූත්‍රා සාම්පල අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ වයස්වලට සමාන නිරෝගී පූද්ගයින්ගේ සාම්පල සමඟ සංසන්දනය කර අධ්‍යනය කරන බව සඳහන්.

පාකින්සන් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තුළ ඇති ගැටලු හඳුනා ගැනීම මෙහිදී සිදුකෙරෙන අතර නව පර්යේෂණය සාර්ථක වුවහොත් ලොව පුරා සිටින පාකින්සන් රෝගීන්ට නව බලාපොරොත්තුවක් එක්වන බවයි පැවසෙන්නේ.
මෙම පර්යේෂණ තුළින් ලැබෙන දැනුම මගින් නව ඖෂධ නිපදවීමට හෝ දැනට ඇති ඖෂධ වැඩිදියුණු කිරීමට භාවිතා කරන බව ක්වින්ස්ලන්ඩ් විශේෂඥ කණ්ඩායමේ සහකාර මහාචාර්ය ගෝර්ඩන් ප්‍රකාශ කළා.
පාකින්සන් රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වන බලපෑම පාලනය කරමින් බඩවැල් ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවීන්ගේ අසමතුලිතතාවය පාලනය වැනි නව තත්වයන් මේ යටතේ අධ්‍යනය කෙරන බව වාර්තා වී තිබෙනවා.