ඔස්ට්‍රේලියාවේ ඉන්න සිසුන් පිරිසකට හෙට (06/01) සිට තවත් මූල්‍ය පීඩනයක්

හෙට සිට ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය ණය හිමියන්ගේ ණය මුදල් වැඩිවීමක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට වන විට නොගෙවූ උසස් අධ්‍යාපන ණය ඇති (HECS-HELP) ඕනෑම අයෙකුට ඔවුන්ගේ ණය අගය සියයට 4.7කින් වැඩි වනු ඇති බව සඳහන්.

පසුගිය වසරේ සිසුන්ගේ ණය සියයට 7.1කින් ඉහළ දැමූ අතර එය වසර 30ක් තුළ දක්නට ලැබුණු විශාලතම වැඩිවීම බවටයි වාර්තා වූයේ.

හෙට සිට සිදුවන වෙනස්කම් හේතුවෙන් උසස් අධ්‍යාපන ණය බරින් පෙළෙන මිලියන 2.9ක් වන පිරිසකට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව අනාවරණ වී තිබෙනවා.

මෙමගින් අදහස් වන්නේ ඩොලර් 26,494ක සාමාන්‍ය ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය ණයක් ඇති අයෙකුට ජුනි 1 වන දින සිට ඒ සඳහා අමතර ඩොලර් 1245ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි.

තවමත් ඩොලර් 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ආපසු ගෙවීමට ඇති ශිෂ්‍ය ණය හිමියන්ගේ ණය අවම වශයෙන් ඩොලර් 4700කින් වැඩි වනු ඇති.

මෙම තත්වය ශිෂ්‍ය ණය හිමියන් සඳහා තවදුරටත් බලපෑම් කරන අතර පසුගිය මාසයේ ෆයින්ඩර් සමීක්ෂණයකින් හෙළි වූයේ ශිෂ්‍යයන්ගෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් තම ණය ගෙවීම ගැන සැලකිලිමත් වන බවයි.

හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම ක්‍රමවේදය මගින් ශිෂ්‍ය ණය හිමියන් තවදුරටත් අපහසුතාවට පත්වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

2023 වසරේදී මෙන්ම හෙට මෙම ණය මුදල් වැඩි වුවද අයවැයෙන් යෝජිත පරිදි මෙම වසර අවසානයේ බලාත්මක වන නීති මගින් සිසු ණය හිමියන් සඳහා සහන ලබාදීමට නියමිත බව ද වාර්තා වනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »