වික්ටෝරියා ප්‍රාන්තයේ රෝගී තත්ත්වයක් නිසා මව් රටවලට යන අයට අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තා වන සරම්ප සහ මන්කිපොක්ස් හෙවත් එම් පොක්ස් (mpox) රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සංචාරවල නිරත වීමට පෙර එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වසරේ ගතවූ කාලය තුළ ප්‍රාන්තය පුරා සරම්ප රෝගීන් 10ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 5 දෙනෙකු විදෙස් සංචාරවල නිරත වී මෙරටට පැමිණ අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

අනෙක් සරම්ප රෝගීන් 5 දෙනා විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන්ගේ සමීපතමයන් බව සඳහන්.

එමන්ම mpox රෝගයේ ව්‍යාප්තියේ වැඩි වීමක් පවතින අතර දේශීය වෛරසයක් ද හඳුනාගෙන ඇති බවයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පැවසුවේ.

මේ හේතුවෙන් විදේශ සංචාර සැලසුම් කරන ඕනෑම අයෙකු ඊට අදාළ ගුවන් ටිකට් පත් වෙන්කරවා ගැනීමට පෙර තම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බව ඔහු අවධාරණය කළා.

සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා තම සංචාරයට සති 8කට පමණ පෙර වෛද්‍යවරයා හමුවීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තම පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් බැලීමට මෙන්ම තම මව් රටවලට යන පුද්ගලයින්ට ද මෙම උපදෙස් අදාළ වන බව දැනුම් දී තිබෙනවා.

වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සංචාරවලින් අනතුරුව මෙරටට පැමිණෙන පුද්ගලයින් තුළ ද සරම්ප ආසාදනයේ වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

උතුරු අර්ධගෝලයේ බොහෝ ජනප්‍රිය සංචාරක ගමනාන්තවල mpox රෝගීන්ගේ වැඩිවීමක් පවතින අතර ජාත්‍යන්තරව සංචාරය කරන වික්ටෝරියානුවන්ට අවදානමක් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් නොමිලේ ලැබෙන mpox එන්නත ලබා ගන්නා ලෙසට උපදෙස් දී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිටින 250කට වඩා වැඩි නියෝජිතයන් පිරිසක් මගින් එය ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »