
මාර්ග නීති උල්ලංඝණය ඇතුලු වැරදි සම්බන්ධයෙන් මෙල්බන්හි ඊ ස්කූටර් (e-scooter) පදවන්නන් රැසකට දඩ පැනවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ගත වූ දින කිහිපය තුළ පමණක් නීති උල්ලංඝනය කිරීම් 300 කට ආසන්න ප්‍රමාණයකට දඩ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එවැනි දඩ නියම කරන ලද නීති උල්ලංඝනය කිරීම් අතර බහුතරයක් අනුමත ආරක්‍ෂිත හිස්වැස්මක් පැළඳීමට අපොහොසත් වීම වෙනුවෙන් පනවා තිබෙනවා. ඒ වෙනුවෙන් වූ දඩ මුදල ඩොලර් 240ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසුවේ බොහෝ යතුරුපැදිකරුවන් පදිකයන්ට වෙන් කළ මාර්ගය භාවිත කිරීම හේතුවෙන් ඔවුන්ට ඩොලර් 192ක බැගින් දඩ නියම කළ බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඊ-ස්කූටර් නීති යටතේ ඒවා පැදවිය හැක්කේ පැයට කිලෝමීටර් 60ක් හෝ ඊට අඩු වේග සීමාවක් ඇති මාර්ගවල පමණයි.

මාර්ග සංඥාවලට අවනත නොවීම, එක් අයෙකුට වඩා රැගෙන යාම සහ ලියාපදිංචි නොකළ යතුරුපැදියක් භාවිත කිරීම සම්බන්ධයෙන් ද දඩ නියම කර තිබෙනවා.
පැයට කිලෝමීටර් 25ක පමණ ධාවන වේගයක් සහිත E-ස්කූටර් ලියාපදිංචි නොකළ මෝටර් රථ ලෙස වර්ග කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඒවා පැදවිය හැක්කේ තම නිවසේ හෝ පෞද්ගලික ඉඩමක පමණයි.
ලියාපදිංචි නොකළ යතුරුපැදියක් භාවිතා කිරීම සඳහා දඩ මුදල ඩොලර් 962ක් වනවා.
වික්ටෝරියා පොලිස් සංක්‍රමණ ආරක්ෂණ අංශයේ වැඩබලන පරීක්ෂකවරයා පැවසුවේ මාර්ගවල බොහෝ පදික අනතුරුවලට හේතුව යතුරුපැදිකරුවන් බවට අනාවරණ වී ඇති බවයි.