Ticketmaster වෙබ් අඩවියේ පාරිභෝගික දත්ත සොරකම් කර ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Shiny Hunters නම් අපරාධ කණ්ඩායමක් විසින් ටිකට්මාස්ටර් පාරිභෝගිකයන්ගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන බවට සහ අලෙවි කරන බවට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
Ticketmaster භාවිතා කරන්නන් මිලියන 560කගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, පෞද්ගලික ලිපින සහ ඊමේල් ඇතුළු දත්ත විකිණීමට උත්සාහ කරන බවට මෙම කණ්ඩායමට චෝදනා එල්ල වී තිබෙනවා.
Shiny Hunters කණ්ඩායම Ticketmaster වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරාගෙන ඇති බවටයි පැවසෙන්නේ.
Cyber Daily වාර්තා කළේ සොරකම් කළ බව කියන දත්තවල කොටසක් මෙම කණ්ඩායම විසින් අලෙවි ප්‍රචාරණයේ දැන්වීමකට ද ඇතුළත් කර ඇති බවයි.
ඔස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් කොපමණ ප්‍රමාණයකගේ දත්ත සොරකම් කර ඇත් ද යන්න මෙතෙක් හෙළිදරව් වී නොමැති අතර එඩිත් කෝවන් විශ්ව විද්‍යාලයේ සයිබර් ආරක්ෂණ මහාචාර්යවරයෙකු පැවසුවේ ජනතාව සුපරීක්ෂාකාරීව සිටීම වැදගත් බවයි.
Ticketmaster සේවාව භාවිතා කරන්නන් එම ආයතනයෙන් බව කියමින් ලැබෙන පණිවුඩ පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර ක්‍රෙඩිට් කාඩ් සහ ගිණුම් පිළිබඳ තොරතුරු අදාළ බැංකු සහ මුල්‍ය ආයතන සමග සම්බන්ධ වී සුරක්ෂිත කර ගන්නා ලෙසට දැනුම් දෙනවා.