Search

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයේදී ලැබුණු ඉතිහාසගත වන තීන්දුව

අසභ්‍ය චිත්‍රපට නිළියක සමඟ පැවති අනියම් සම්බන්ධයක් වසන් කිරීමට එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබෙනවා.

නිව්යෝක් අධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවේදී හිටපු ජනාධිපතිවරයාට චෝදනා 34ක් එල්ල වී තිබු බව සඳහන්.

ඔහු එම චෝදනා සියල්ලටම වරදකරු වූ අතර මේ අනුව අපරාධ චෝදනාවලට වරදකරු වූ එකම ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරයා වන්නේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් වීම විශේෂත්වයක්.

ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ලබන ජුලි මාසයේදී ප්‍රකාශයට පත් කරනු ඇති.

ඔහු ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අභියෝග කරමින්.

ඇමරිකානු දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පකෂය වන අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

ජූලි මාසයේ ප්‍රකාශයට පත් කෙරෙන අධිකරණ තීන්දුව ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් එල්ල වූ සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ තම ප්‍රතිවාදීන් දේශපාලනික වශයෙන් තමන් නිහඬ කිරීමට උත්සාහ ගන්නා බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »