මෙල්බන් පදිංචිකරුවන් ගැන කවුරුත් නොසිතන හෙළිදරව්වක්

මෙල්බන්හි පදිංචි තුන්දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර අනාරක්ෂිත භාවය අත්දකින බව නවතම වාර්තා මගින් තහවුරු වී තිබෙනවා.

මෙල්බර්න් විශ්වවිද්‍යාලය මගින් සිදු කළ අධ්‍යනයකට අනුව හෙළිවී ඇත්තේ පවතින ජීවන වියදම හමුවේ මෙල්බන් වැසියන්ගේ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටියන්ගෙන් සියයට අටක් පමණ දැඩි ලෙස ආහාර අනාරක්ෂිතවයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ.

මෙල්බන් මෙන්ම ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවල පවතින පුණ්‍ය ආයතන විසින් සපයනු ලබන ආහාර සහන මත වැඩි පිරිසක් යැපෙමින් සිටින බවද එහිදී අනාවරණ වී තිබෙනවා.

සමස්ත රට හා සංසන්ධනය කිරීමේදී අවම වශයෙන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් මිලියනයකට පමණ ප්‍රමාණවත් ආහාර මිලදී ගැනීමට හැකියාවක් නොමැති බව සඳහන්.

පුණ්‍ය ආයතන විසින් ආහාර සැපයීම මෙම ගැටලුවට දීර්ඝකාලීන විසිදුමක් නොවන බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

දේශගුණික විපර්යාස, ආහාර මිල ගණන් ඉහළ යෑම සහ ජීවන වියදම් ඉහළ යෑම ආහාර අනාරක්ෂිත භාවයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ සදහා රජය පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කළ යුතු බවටයි වැඩිදුරටත් යෝජනා වී ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »