e දුම්වැටි ගැන පුදුම හිතෙන භයානක අනාවරණයක්

ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල අඩංගු රසායනික ද්‍රව්‍ය නිකොටින්වලට වඩා ප්‍රබල බව නවතම අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ (FDA) සහ ස්වාධීන දත්තවලට අනුව 6-methyl nicotine වැනි විකල්ප නිකොටින් අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි සෞඛ්‍යයට වඩා අහිතර බවයි සොයාගෙන ඇත්තේ.

“e- cigs,” “vapes,” “e-hookahs,” “vape pens,” “mods,” ලෙස ද හැඳින්වෙන මෙම දුම්වැටි ප්‍රබල ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයක් වන නිකොටින්වලට වඩා දරුණු ප්‍රතිවිපාක ඇති කරන බව සඳහන්.

සාම්ප්‍රදායික නිකොටින් පාලනය කිරීමට, නිකොටින්වලට සමාන රසායනික ව්‍යුහයක් ඇති කෘතිම ද්‍රව්‍ය අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි මේ වන විට විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, අධික ලෙස ඇබ්බැහි විය හැකි ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් ලොව පුරා රජයන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

විද්‍යුත් දුම්වැටි මගින් ඇති කරන සෞඛ්‍ය අවදානම් හඳුනා ගනිමින් ඔස්ට්‍රේලියානු රජය ද දැඩි නීති සම්පාදනය කර ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

2021 වසරේ ඔක්තෝබර් පළමු වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට ඊ-සිගරට් නිෂ්පාදන ලබා ගැනීමට නම් වෛද්‍ය නිර්දේශයක් ද අවශ්‍ය වනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »