සිරකරුවෙකුගේ අත්දැකීමක් ගන්න මෙල්බන්වල සුපිරි අවන්හලක්

බන්ධනාගාර සිරකරුවන් සහ එහි පසුබිම් තේමා කර ගත් අවන්හලක් මෙල්බන් නගරයේ විවෘත කිරීමට ගෙන ඇති තීරණය දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

සිරකරුවන්ගේ ඇඳුමට සමාන තැඹිලි පැහැති ඇඳුමින් සැරසී ව්‍යාජ සිර මැදිරිවල මත්පැන් පානය කිරීමට අවස්ථාව හිමි වන මෙම අවන්හල මෙල්බර්න් හි විවෘත කිරීමට පෙරම පසුබෑමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

Alcotraz ලෙස හඳුන්වා දී ඇති එය එළඹෙන ජුනි මාසයේදී විවෘත කිරීමට නියමිත අතර අයුතු ලාභ ලැබීමට උත්සාහ කරන බව පවසමින් එය විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම කොක්ටේල් බාර් එකේ නම සහ තේමාව එක්සත් ජනපද බන්ධනාගාරය පදනම් කර ගත් නාට්‍යයක් වන අතර සිරකරුවන් ලෙස සැරසී සිටින කාර්ය මණ්ඩලය සහ ආරක්ෂකයින් ලෙස රඟපාන නළුවන් ද ඇතුළත්.

මෙම සංකල්පය පිටුපස ඇති අලෙවිකරණ සමාගම බ්‍රිතාන්‍යයේ මෙවැනි බාර් කිහිපයක් ක්‍රියාත්මක කරන නමුත් එහි සැලසුම් දැනටමත් ඔස්ට්‍රේලියානු පුණ්‍යායතනයකින් විවේචනයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

සිරගතව සිටින සහ සිරගතව සිටි ය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නේ මෙල්බන්හි මෙම විවෘත කිරීම සංවේදී නොවන ක්‍රියාවක් බවයි.

සිරගත කිරීම විනෝදාස්වාදයක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය සිරකරුවන් විසින් විඳ දරාගන්නා වේදනා අවම කිරීමක් බවයි Sisters Inside හි ප්‍රධාන විධායක ඩෙබී කිල්රෝයි ප්‍රකාශ කළේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »